Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

07 February 2014

නිවසේ විදුලි මීටරය ආපස්සට කරකවමු..

ඔබ නිවසේ භාවිතා කරන විදුලි මීටරය ආපස්සට කරකවා නැවත ඔබට ගෙවන්නට ඇති මුදල පියවන ක්‍රමයක් දැන් ඔබට ද ක්‍රියාත්මක කල හැක.මෙය නීතිමය වශයෙන් පිළිගත් එකක් වන අතර එය ලංකාවට ආ අලුත් තාක්ෂණයකි.ඔබට පුදුම හිතේවි මේක කරන්නේ කොහොමද
කියලා..ක්‍රමය ඉතා සරලයි.මෙය සිදුකරනු ලබන්නේ සුර්ය කෝෂ පද්ධතියකින්..දිවා කලට ලැබෙන ආලෝකයෙන් විදුලිය නිපදවා ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල පද්ධතියට අතිරික්ත විදුලිය ලබා දෙන්නට සලස්වා මීටරය ආපස්සට කරකැවීමට සැලැස්වීම
මෙහිදී භාවිතා කරන ක්‍රමයයි.අපට විදුලිය නිපදවා ගැනීමට සුහිත්‍ය බලශක්ති අධිකාරිය නිතැනින්ම උදවු කරාවි.මේ ගැන ඔයාලට වැඩිදුර විස්තර මම ළඟදීම ලියන්නම්.සාමානයෙන් කිලෝවොට් භාගයක විදුලි ප්‍රමාණයක් ජනනය කර ගැනීමට අපට රු.175000.00 ක් විතර යනවා..
ඒ කියුවේ සුර්ය කෝෂ වලින් ඒක කලොත්..ඉතිං අපට සුර්ය කෝෂ වලින්ම ඔය විදුලි ප්‍රමාණය නිපදවිය යුතු නැහැ..අපට ඕනෑ නීතිමය වශයෙන් ජාතික විදුලි පද්ධතියට විදුලිය එකතු කිරීමේ ක්‍රමයක් හා අවශ්‍ය උපකරණ ලබා ගැනීමයි.ඔබ අසාවි සුර්ය කෝෂ නැතිව කොහෙන්ද විදුලිය ගන්නේ කියලා..ඕනෑ තරම් තියෙනවා..මදක් සිතා බලන්න..ලංකාව වටා මුහුද අයිනේ ඉන්න අයට නම් කිසි ගැටලුවක් නෑ..සුළං බල ජනකයක් හදා ගත්තනං වැඩේ ගොඩ තමා..ඒවාට ලක්ෂ ගණන් වියදම් වෙන්නේ නැහැ..මෝටර් රථ ඔල්ටනේටරයකින් වුවත් සැලකිය යුතු බලයක් උත්පාදනය කල හැකියි.අවශ්‍ය වන්නේ නිර්මාණශීලිත්වය..නියම අයුරුරින් යෙදීම පමණයි..එතකොට තව ..කුඩා දිය ඇලි..ගංගා..ජිව වායුව..සමුද්‍ර ශක්තිය..වෙනත්..දේවල් කොච්චර තියෙනවාද අපට විදුලිය නිපදවා ගත හැකි ක්‍රම.ඔයාලගේ නිර්මාණාත්මක අදහස් තියෙනවා නම් අපට එවන්න..සියල්ල කැටිකර වඩා කාර්යක්ෂම ගෘහ විදුලි ජනන පද්ධතියක් අපටම නිර්මාණය කර ගැනීමට උදවු කිරීමට හෙටදින අඩවිය නිතරම සුදානම්..
ඔබට ජය!

Popular Posts

FACEBOOK COMMENTS BOX