LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 1
මාසිකව අසීමිතව උපයන්න..අලුත් මගක්..
![]() |
led bulbs sri lanka |
ඔබේ සුළු ඉලෙක්ට්‍රොණික හැකියාවෙන් ගෙදර සිටම ආදායමක් ලබා ගන්නා හැටිය..මේ සඳහා ඔබට කිසිඳු ප්‍රාඨමාලාවක් හැදෑරිය යුතු නැත.මෙන්න මේකයි අලුත් ක්‍රමය.
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 01.
ආලෝකය ලබා ගැනීම සඳහා අප දැනට භාවිතා කරන සුත්‍රිකා පහන කෙතරම් නාස්තිකාර විදුලි පහනක් දැයි ඔබට අමුතුවෙන් කියා දිය යුතු නැත.එම බල්බයට යෙදෙන විදුලි ශක්තියෙන් 90% ක් පමණ තාපය වශයෙන් අපතේ යයි.තාපය නොව අපට අවශ්‍ය වන්නේ ආලෝකයයි.මා හදුන්වා දෙන LED විදුලි පහනට සැපයෙන විදුලි ශක්තියෙන් 90% ක් ආලෝකය බවට හැරේ.එය හැල්මේ දිවයන ඔබේ නිවසේ විදුලි මීටරයට මහා අස්වැසිල්ලක් වනු ඇත.ළඟදීම විදුලි බිලද වැඩිවන නිසා මෙවැනි අලුත්දෙයකට අත ගැසීම සැබවින්ම අත්යවශ්‍ය දෙයකි.දැනට අප භාවිතා කරන CFL බල්බ වලද අප හිතනතරම් විදුලියක් ඉතිරි නොවේ.බාල හා ව්‍යාජ CFL බල්බ් වෙළෙඳ පොළ ආක්‍රමණය කර ඇත.ඒවා දැමීමෙන් කොහෙත්ම විදුලියක් ඉතිරි නොවේ.රටට අත්‍යවශ්‍ය මොහොතක LED විදුලි බල්බ ඉතා පහසුවෙන් සකසන අයුරු මම ඔබට නොමිලේ කියාදෙමි.මා ඉලෙක්ට්‍රොනික තාක්ෂණයට අත ගැසුවේ කුඩා කලම නිසා මෙම තාක්ෂනය පිළිබඳව හොඳ අත්දැකීමක් මාහට ඇත.ඔබට මා මෙය පියවරෙන් පියවර පාඩම් මාලාවක් ලෙස හදුන්වා දෙන අතර.ඔබේ එය කියවා ඔබට ගැටළු ඇත්නම් geek.lk හරහා හෝ මාහට කොමෙන්ට් එකක් ලෙස එවන්න.ඒ සෑම ගැටළුවකටම මම පිළිතුරු ලබාදෙමි.
අද පලමු පාඩමින් අප LED විදුලි බල්බ වල වාසි අවාසි කතාකරමු.
වාසි
1.වැයවන විදුලි බලය ඉතා අඩුය.
2.සුදු ආලෝකයක් විහිදුවයි.
3.ඉතා දිගුකලක් භාවිතා කලහැකිය.(වසර 5ක්)
4.ඉතා අඩු මුදලකින් අලුත්වැඩියා කල හැකිය.
5.දැනුමින් අඩු අයකු ට වුවද සැකසිය හැක.
6.නිවසේ සිට කල හැකි ලාභ දායි ව්‍යාපාරයකි.
7.අමුද්‍රව්‍ය ඕනෑ තරම් ඇතිනිසා සපයා ගැනීම පහසුය.
8.ස්වයං රැකියාවක් ලෙස ආරම්බ කර ඉක්මනින් දියුණුවිය හැක.
අවාසි
1.මුලික වියදම තරමක් වැඩිය.(එහෙත් බල්බය දල්වන විට එම මුලික වියදම මෙන් කීප ගුණයක ලාභයක් ලැබේ.)
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 2.
එදා මම ඔබට පොරොන්දු වූ පරිදි අද දෙවන කොටසින් හමු වෙමු.(LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 1 බැලීමට මෙතන ක්ලික් කරන්න)ඉතින් අද අපි බලමු මෙම නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන උපකරණ හා වෙනත් ද්‍රව්‍ය මොනවාද කියා.
අවශ්‍ය උපකරණ
1.වොට් 40 ක පමණ ඊයම් පාහනයක්.
2.ඊයම් පාහන ආධාරකයක්.
3.සයිඩ් කටර් එකක්.
4.සකර් එකක්.
5.උල් අඩුවක්.
6.මල්ටිමීටරයක්.
මෙම උපකරණ වලින් ඔබට දැනට අවශ්‍ය වන්නේ සයිඩ්කටර් එකයි,බවුත් එකයි,සකර් එකයි විතරයි.ඉතිරි බඩු බල්බ හදලා විකිණීමෙන් ලැබෙන ආදායමෙන් ලබාගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
මෙම ද්‍රව්‍ය සියල්ලම පිටකොටුවේ පළමු හරස්වීදියේ කඩසාප්පු කීපයකින්ම මිලදී ගත හැකියි.පළමු හරස් වීදියේ වික්‍රමප්ලාසා ගොඩනැගිල්ලේ දෙවන මහලෙහි අංක 59 8/2 ස්ථානයේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් ඒකෙන් තමයි මම නම් බඩු ගන්නේ.
මුලින්ම කියන්න ඕනා බල්බ් හදන කොට ඉතා ඉවසිලිවන්ත ලෙස එය කල යුතුයි.ඔබට ඊයම් පාහනය තවම අතට හරියට හුරු නැතිනම්.තඹ කම්බි(වයරින් කිරීමට ගන්නා වයර් ශුද්ද කර ලබා ගන්න)අඟල් 10 ක් පමණ දිග කැබලි ගෙන ඒ වා කොටු දැලක් සිටින පරිදි එකිනෙක සම්බන්ද වන තැන වලින් පාස්සන්න.සකර් මැෂින් එකත අතට හුරු කර ගන්න.ඉවත දමන සකිට් බෝඩ කැබැල්ලක් ගෙන එහි ඇති ඊයම් ඇති ස්ථාන බවුතය මගින් උණුකර සකර් කරමින් පුරුදු වන්න.ඔබේ අත කීපවරක්ම පිච්චෙන්න පුළුවන්..ගනන්ගන්න එපා..පුරුදු වෙන කොට වැරදෙනවා තමයි.
ද්‍රව්‍ය හදුනා ගනිමු..
1. දියෝඩය.(Diode)
මෙය එක් පසකට පමණක් විදුලිය දෙන යන උපාංගයක්.එහි ඉරක් වැනි සලකුණකින් එහි කැතෝඩය(ඝෟණ අග්‍රය )හදුන්වා තිබේ.ඔබ මෙම සංකේත ගැන කලබල විය යුතු නැත.මොකද මෙම උපාංග වල අග්‍ර හා එය සවිකල යුතු ආකාරය අපට ලබා දෙන මුද්‍රිත පුවරුවේ සටහන් කර තිබෙනවා..ඔබට තියෙන්නේ පිට පැත්තෙන් උපාංගය ඇතුළු කර අනික පසින් ඊයම් ඩොට් එකක් තැබීම පමණයි.අප මෙහිදී 1N 4007 දියෝඩ භාවිතා කරනවා.මෙවැනි දියෝඩ හතරක් එක් LEDබල්බයකට අවශ්‍ය වෙනවා.
2.ප්‍රතිරෝධකය.(Resistors)
මෙය විදුලියේ ගමනට බධා කරන උපාංගයක් ලෙස දැක්විය හැකියි.පරිපතයේ අපට අවශ්‍ය තැනට අවශ්‍ය විදුලි ප්‍රමාණය සැපයීමට මෙය යොදා ගන්නවා.ප්‍රතිරෝදකයේ අගය ලියා ඇත්තේ එහි බඳ මත මුද්‍රනය කර ඇති විශේෂ වර්ණ වළලු වලින්.කළු,දුඹුරු ,රතු,තැඹිලි,කහ,කොළ,නිල්,දම්,අළු සුදු එම වර්ණ වළලුය.මේ ගැන මම පස්සේ වෙනම පාඩමකින් කියා දෙන්නම්.
3.ධාරිත්‍රකය.(Capasitors)
මෙය තාවකාලික විදුලිය ගබධා කර තබා ගන්න උපාංගයක් බව කිව යුතුයි.මෙහි කැතෝඩ හා අනෝඩ ඇති නැති ලෙස දෙවර්ගයක් ඇත.එනම් අග්‍ර බේදයක් ඇති ඒවා මෙන්ම නැති ඒවා ද ඇත.අග්‍ර බේදය ඇති ඒවායේ ඝෟණ අග්‍රය හා ධාරිතාව ධාරිත්‍රකය මත මුද්‍රණය කර ඇත.අග්‍ර බේදයක් නැති ඒවා යේ එහි ධාරිතාව මුද්‍රණය කර ඇත.අග්‍ර බේදයක් ඇති ඒවා නිවැරදිව එහි අග්‍ර පරිපතයට සවිකළ යුතුය නැතිනම් ඒවා විනාශවේ.
4.LED බල්බය.
මෙයද දියෝඩයකි වෙනසකට ඇත්තේ එහතුලින් විදුලිය ගමන් කරන විට ආලෝක පිට වීමයි.මෙහි ධන හා ඝෟණ බේදය ඇත.නිවැරදිව පරිපතයට සවිකල යුතුය.අප මෙම බල්බය සඳහා යොදා ගන්නේ සාමාන්‍ය LED නොව බ්‍රයිට් ELD ය.
5.ඊයම් (Led)
උපාංග සියල්ල පරිපතයට පාස්සන්නේ මෙමගිනි.ඔබ සෑම විටම හොඳ ඊයම් තෝරා ගත යුතුය. නැතිනම් කාල්යත්ම පෑස්සුම් ගැලවීමට පුළුවන.
ඊළඟ පාඩමින් LED 96ක් ඇති බල්බයක් සකසන අයුරු කියා දෙන්නම්.ගැටළු තිබේනම් කොමෙන්ට් කරන්න.
අවශ්‍ය උපකරණ
1.වොට් 40 ක පමණ ඊයම් පාහනයක්.
2.ඊයම් පාහන ආධාරකයක්.
3.සයිඩ් කටර් එකක්.
4.සකර් එකක්.
5.උල් අඩුවක්.
6.මල්ටිමීටරයක්.
මෙම උපකරණ වලින් ඔබට දැනට අවශ්‍ය වන්නේ සයිඩ්කටර් එකයි,බවුත් එකයි,සකර් එකයි විතරයි.ඉතිරි බඩු බල්බ හදලා විකිණීමෙන් ලැබෙන ආදායමෙන් ලබාගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
මෙම ද්‍රව්‍ය සියල්ලම පිටකොටුවේ පළමු හරස්වීදියේ කඩසාප්පු කීපයකින්ම මිලදී ගත හැකියි.පළමු හරස් වීදියේ වික්‍රමප්ලාසා ගොඩනැගිල්ලේ දෙවන මහලෙහි අංක 59 8/2 ස්ථානයේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් ඒකෙන් තමයි මම නම් බඩු ගන්නේ.
මුලින්ම කියන්න ඕනා බල්බ් හදන කොට ඉතා ඉවසිලිවන්ත ලෙස එය කල යුතුයි.ඔබට ඊයම් පාහනය තවම අතට හරියට හුරු නැතිනම්.තඹ කම්බි(වයරින් කිරීමට ගන්නා වයර් ශුද්ද කර ලබා ගන්න)අඟල් 10 ක් පමණ දිග කැබලි ගෙන ඒ වා කොටු දැලක් සිටින පරිදි එකිනෙක සම්බන්ද වන තැන වලින් පාස්සන්න.සකර් මැෂින් එකත අතට හුරු කර ගන්න.ඉවත දමන සකිට් බෝඩ කැබැල්ලක් ගෙන එහි ඇති ඊයම් ඇති ස්ථාන බවුතය මගින් උණුකර සකර් කරමින් පුරුදු වන්න.ඔබේ අත කීපවරක්ම පිච්චෙන්න පුළුවන්..ගනන්ගන්න එපා..පුරුදු වෙන කොට වැරදෙනවා තමයි.
ද්‍රව්‍ය හදුනා ගනිමු..
1. දියෝඩය.(Diode)

2.ප්‍රතිරෝධකය.(Resistors)

3.ධාරිත්‍රකය.(Capasitors)

4.LED බල්බය.

5.ඊයම් (Led)
උපාංග සියල්ල පරිපතයට පාස්සන්නේ මෙමගිනි.ඔබ සෑම විටම හොඳ ඊයම් තෝරා ගත යුතුය. නැතිනම් කාල්යත්ම පෑස්සුම් ගැලවීමට පුළුවන.
ඊළඟ පාඩමින් LED 96ක් ඇති බල්බයක් සකසන අයුරු කියා දෙන්නම්.ගැටළු තිබේනම් කොමෙන්ට් කරන්න.
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 3.

.LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 1.මෙතනින් LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 2.මෙතනින්
අද අපි බලමු LED 100 කින් යුතු පහනක් සකස් කරගන්න අයුරු.ඒ සඳහා මම එදා කියූ පිටකොටුවේ කඩ සාප්පුවලින් අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගත හැක.ඔබට ඔබ කැමති පරිදි පහන් වර්ග රාශියක් සැදිය හැක.
1.LED 48 කින් යුතු පහන.
2.LED 100කින් යුතු පහන.
3.LED 126කින් යුතු පහන.
4.LED 07කින් යුතු රාත්‍රී පහන.
5.LED 07කින් යුතු බුදු පහන.
6.ආගමික ස්ථාන සඳහා පහන.
LED 100කින් යුතු පහනට පහත උපාංග අවශ්‍ය වේ.
2.560 Ohms 1/2 වොට් ප්‍රතිරෝධක -01(R3)
3.680 Ohms 1/4 වොට් ප්‍රතිරෝධක -02(R1-R2)
4.4.7 මයික්‍රෝ ෆැරඩ් 400v ඉලෙක්ට්‍රොලිටික් කැපෑසිටර් -01(C2)
5.0.68මයික්‍රෝ ෆැරඩ්400v කැපෑසිටර් -01(C1)
6.බ්‍රයිට් LED 100ක්
7.පහත රූපයේ පරිදි බල්බ ආවරණයක්.
ඉහත උපාංග නිවැරදිව පරිපථ පුවරුවට පාස්සා ගන්න.පහත රූප පෙළ අනුගමනය කරන්න.රූපය විශාලව බැලීමට නම් රුපය උඩ ක්ලික් කරන්න.
වැදගත්.
LED සවිකිරීමට පෙර ඒවා දැල්වෙන ඒවා දැයි එකින් එක පරීක්ෂා කල යුතුය.මන්ද එක LED එකක් හෝ නොදල්වෙන්නේ නම පරිපථයේ ඇති සියලුම LED ද නොදැල්වේ.මෙන්ද මෙහි ඇත්තේ ශ්‍රේණිගත සම්බන්දයක් නිසාය.LED පරික්ෂා කිරීමට පෙන්ටෝච් බැටරි කැබලි දෙකක් ගෙන එය PVC බට කැබැල්ලක් තුලට දමා දෙපසින් වයර් කැබලි දෙකක් සවිකර එම වයර් දෙකෙලවරට කනෙක්ටර් කැබැල්ලක් සවිකර සරල LED පරීක්ෂයක් සාදා ගන්න.
ඔබට ඇති ගැටළු ලියා එවන්න..ඊ ළඟ පාඩමින් හමුවෙමු..
ඔබට ජය!