Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

07 February 2014

LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව

LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 4.

  බ්ලොග් ඒක බලන කට්ටිය LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව කියවලා තුති කරලා කොමෙන්ට් දාලා..ඔක්කොටොම ගොඩක් ස්තුතියි.අද ඔය ගොල්ලන්ගේ ප්‍රශ්න වලටත් පිළිතුරු අරන් අවා.පසුගිය ලිපි පෙළ කියවුයේ නැතිනම් මෙතනින් ගිහින් කියවන්න.

LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 1.මෙතනින්
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 2.මෙතනින්
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 3.මෙතනින් 


අපි දැන් බලමු මුද්‍රිත පරිපත කොටස් ශ්‍රේණි ගතව සම්බන්ද කරන අයුරු.ශ්‍රේණිගත හා සමාන්තර ගත ක්‍රම ගැන ඔයාලා O/Lකාලේදී ඉගෙන ගෙන ඇතිනේ.මෙහිදී බල්බ 54බැගින් කොටස් දෙකක් (මුද්‍රිත පරිපත කැබලි 3බැගින්)සමාන්තර ගතව සවිකරන්න.බල්බයේ පහලට යොදන වුර්තාකාර කොටසේ LEDහතර බැගින් සමාන්තර ගත ක්‍රමයට සම්බන්ද කර ගන්න.දැන් මෙම කොටස් තුන ශ්‍රේනිගත ක්‍රමයට සවිකරන්න.මෙය ඉතා නිවැරදිව කලයුතුයි.
පහත උපදෙස් පිලිපදින්න.
1.ශ්‍රේණිගත සම්බන්දය නිවැරදිදැයි නැවත බලන්න.
2.බලසපයුම් පරිපථය පරික්ෂා කරන්න.
3.බලසපයුම LED වලට ලබා දෙන්න.මේ විදිහට 

 4.බල්බ සියල්ල දැල්වේ නම් සාර්ථකය.මේ විදිහට
5.බල සපයුම විසන්දි කරන්න.බලසපයුම් පරිපත කොටස බල්බ ආවරණ තුලට ඇතුළු කරන්න.එහි A/Cලබා දෙන වයර් කැබලි දෙක අනික පස සිදුරින් පිටතට ගන්න.පරිපථය බල්බ ආවරණ තුලට ඇතුළු කරන්න.මේ විදිහට 

6.වුර්තාකාර කොටසද සවිකරන්න.මේ විදිහට 

7.හෝල්ඩරයට සවිකරන විල්ල කොටසේ ඇති සිදුරු දෙකින් A/C සපයන වයර් කැබලි දෙක පිටතට ගෙන එහි පහත පරිදි ඊයම් හොඳින් යොදා පාසන්න.(සම්බන්දකරන සියලුම වයර් සඳහා සකිට් වයර් යොදාගන්න)

 8.විදුලි සැපයුම ලබා දෙන්න.අපුරුයි නේද?මෙන්න මෙහෙම දැල්වේවි.
අමුද්‍රව්‍ය මිලදීගැනීම
  පිට කොටුවේ පළමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් සාප්පු කීපයකින් ඉහත කොටස් සියල්ල ලබා ගත හැකිය.ඔබ දුර බැහැරක සිටින්නේ නම් බල්බ සැදීම සඳහා උපකරණ කට්ටලය ඔබට එවීමට මට පුළුවනි.තැපැල් ගාස්තුව හා අමුද්‍රව්‍ය සඳහා පමණක් අවශ්‍ය මුදල මාවෙත එවන්න.මා මෙසේ කරන්නේ මෙම කර්මාන්තය දියුණු කරගන්නන් ට හා අත්හදා බලන අයටත් මේ සම්බන්දයෙන් ආශාවක් ඇති අය සඳහා පමණි.අමුද්‍රව්‍ය ලබා ගැනීමට කැමති අය sisiramet@gmail.com යන ලිපිනයට දන්වා එවන්න.ඔබට හොඳම තත්වයේ අමුද්‍රව්‍ය පමණක් ලබා දේ.මුදල් ගෙවන අන්දම ඔබට ඊමේල් මගින් දන්වන්නම්.

               LED බල්බ නිෂ්පාදනය ඔබ දිගටම සිදුකරන්නට අදහස් කරන්නේනම්.එම බල්බ වලින් අත්වන වාසි අවාසි සඳහන් කරමින් කුඩා අත් පත්‍රිකාවක් පිළියෙළ කරන්න.ඔබ එයට වගකීම් කාලයක් ලබාදෙන්න.ඔබට නොමිලේ අලුත්වැඩියා කර දුන්නද පාඩුවක් නැත.මෙවැනි බල්බයක් වසර 5 ක් පමණ භාවිතා කල හැකිය.බල්බය තුල අඩංගු උපාංග සියල්ල එකවර දැවී යන්නේ ඉතා කළා තුරකිනි.(උදා:අකුණුවලින් දැවීයාම -ඒ සඳහා වගකීමක් කිසිඳු ඉලෙක්ට්‍රොනික උපකරණයක් නිපදවන අයකු ලබා නොදේ)එක LED බල්බයක් දැවීගිය හොත් ඔබට වය වන්නේ රුපියල් 5 ක් පමණි.එහෙත් නොමිලේ අලුත් වැඩියාවෙන් පාරිභෝගිකයා ඔබ ගැන තබන විශ්වාසය නිමකල නොහැකි තරම් වටින්නේය.තම නිවසේ,යාළුවන්ට මුලින්ම බල්බ  අලෙවිකරමින් නමක් ඇතිකර ගන්න.අලංකාර පෙට්ටියක් නිර්මාණය කර එය තුල බල්බය ආරක්ෂිතව තබා අලෙවි කළ හැකිනම් තවත් ඔබට පාරිභෝගිකයා දිනා ගත හැකි වනු ඇත.විදේශීය රට වල අයට මෙවැනි බල්බ අලෙවිකළ හැකින්බම් ඔබට ඉතා ඉහල ලාභයක් ලද හැකිය.


LED බල්බ නිෂ්පාදනය පාඩම් මාලාව 5

  ඔබ LED බල්බ නිෂ්පාදනය පටන්ගත්තාද?නැතිනම් අදම පටන් ගන්න.මොකද අනාගත හොඳම විදුලි පහන වන්නේ LED පහනයි.විදුලිය පිරිමැසිම අතින් දැනට ඉහලින්ම සිටිනුයේ මෙම පහනයි.ඔබ විශ්වාස කරනවාද LED පහන් සවිකිරීමට පෙර සාමන්‍ය සුත්‍රිකා පහන යොදා තිබු මගේ නිවසේ මසකට විදුලි ඒකක 86ක් දවා තිබුනා.ඒත් LED පහන් සවිකලාට පස්සේ එය මසකට 30 ක් දක්වා
අඩුවී තිබුනා..ඒත් තවත් විදුලි උපකරණත් භාවිතා කරලා..ඉතින් ලංකාවේ විශාල පිරිසක් LED පහන් වලට යොමු වුනොත් අපට දෛනිකව ඉතිරිවන විදුලි ඒකක ගණන සුළු පටු නෑ..
LED බල්බ 108 කින් යුතු පහනකින් නිවසක කාමරයක් ආලෝක වත් කිරීමට හොඳටම ප්‍රමාණවත්.තරමක් විශාල සාලයකට නම් එවැනි පහන් දෙකක් ප්‍රමාණවත්.ඇසට සවුම්‍ය සුදු ආලෝකයක් පිටකරන නිසා පොත් පත කියවීමටත් ඉතා උචිතයි.මේ තියෙන්නේ මං හදපු LED 108 කින් යුතු බල්බය දැල්වෙන විට ගත් චායාරූපයක්‌. 

 LED පහන් වලින් පාරජම්බුල කිරණ පිට වීමක් නැති නිසා කාටවත් හානියකුත් නැහැ.බල්බය කොච්චර වේලා දල්වා  තැබුවත් ඒක රත් වෙන්න නැහැ.මේ බලන්න මම මේ අල්ල ගෙන ඉන්නේ පැය 13 ක් දල්වා තිබු මම සැදු බල්බයයි.
 සුත්‍රිකා පහනක් හරි CFLපහනක් හරි මෙහෙම  ඇල්ලුවොත් මොනවා වෙයිද?අපට බල්බයෙන් ඕනා ආලෝකය මිස තාපය නෙමෙයිනේ.එනිසා ඔබත් අදම LED පහනකට මාරු වෙන්න.මම දිගටම LED පහන් නිපදවන්න බලාපොරොත්තු වෙනවා..ඔයාලා කාටහරි බල්බ ඕන නම් මට ඊමේල් කරන්න.ගෙදරට VPP තැපෑලෙන් එවන්නම්.
LED පහන් වල වෙනත් නිෂ්පාදන.
1.ටියුප් ලයිට් හැඩ පහන්.
2.බුදු පහන.
3.නිදන කාමර පහන.
4.ආගමික කටයුතු වලයට යොදන 5W හැඩ පහන.
5.LED ඩ්‍රයිව් පරිපත අඩංගු පහන.
6.ඔබේ නිර්මාණශීලිත්වය යොදා මෝටර් රථ හා ත්‍රි වීලර්,බස් රථ සඳහා සුදුසු පහනක් සාදන්න.හීට් සින්ක් දාන්න පුළුවන් ලොකු LED පිටකොටුවෙන් ගන්න පුළුවන්.ට්‍රයි කරලා බලන්න.හරිගියහොත් මටත් කියන්න.

LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 6.

 අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ තවත් LED බල්බ වර්ගයක්.මෙය ටියුබ් ලයිට් හැඩ බල්බයක්.ටිකක් නිෂ්පාදන මිල ඉහල වුනත් වැඩි ආලෝකයක් ලබා ගත හැකියි.මෙයට අවශ්‍ය උපකරණ සියල්ල පිටකොටුවේ වික්‍රම ප්ලාසා ගොඩනැගිල්ලේ කඩ සාප්පුවලින් ලබා ගත හැකියි.ඔබ බල්බය සවිකරන විට සාමාන්‍ය ටියුබ් ලයිට් බල්බයේ චෝක් එක ඉවත් කරන්න.බල්බයේ දෙපසින්ම ඔබ කැමති ආකාරයට බලය ලබා දෙන්න.ගැටළු ඇතොත් දන්වන්න.

Popular Posts

FACEBOOK COMMENTS BOX