Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

06 February 2014

කාන්තා අයිතිවාසිකම් අතරින් අධ්‍යාපනය

ඉස්ලාමය මුළු මිනිස් සංහතියටම පහළ වු සත්‍ය ආගමයි. මේ අතරින් කාන්තා අයිතිවාසිකම් ගැන අප මදක් හැරි නෙත් යොමු කළහොත් අධ්‍යාපනය ඉතා වැදගත් කරුණකි. 

කාන්තාවන්ට අහිමි වී තිබුණු අධ්‍යාපනය නැවත ඉස්ලාමය විසින් ලබා දී තිබේ. අධ්‍යාපනය සෑම මනුෂ්‍යයෙකුටම ඉතා අත්‍යවශ්‍ය කරුණක් සේම ගැහැණු පිරිමි භේදයකින් තොරවූ අයිතිවාසිකමකි. කාන්තාවක් අධ්‍යාපනය ලැබීමට වැදගත් වන්නේ, මතු පරපුර බුද්ධිමත්, සදාචාර සම්පන්න පුරවැසියන් බවට පත් කිරීම ඇය සතු වගකීමක් නිසාය.ශුද්ධ වූ අල්-කුර්ආනයේ පහළ වු මුල්ම වැකියෙන් අධ්‍යාපනයේ වැදගත්කම මනාව පෙන්නුම් කරයි. සදා චාරයෙන් තොරවු සියලූම ශිල්ප ශාස්ත්‍රයක්ම හැදෑරීමට ඉස්ලාමය විසින් පූර්ණ සහයෝගයක් ලබා දේ.

අතීතයේ ගැමි ප්‍රදේශවල දෙමව්පියන්ට ලිප මොලවන ගැහැණුන්ට අධ්‍යාපනය කුමක් සඳහාද? යනු සිද්ධාන්තය ඉගැන්වූයේ කවුද? 

මෙය නබි වදනක්ද, දේව වාක්‍යයක්ද? අල්ලාහ් විසින් ලබා දී තිඛෙන අධ්‍යාපනයේ දැනුම ලබා ගැනීමට ඉඩනොදී ඔවුන්ගේ ජීවිත සාර්ථක කරගන්නේ කෙසේ ද? දෙමව්පියන් තම දරුවන්ව ආගම හා ගුණ ධර්ම ඉගැන්වීමට නොහැකිව ඔවුන්ට ඉස්ලාමයේ සුළඟ පවා වැදෙන්නට ඉඩ නොදී ඔවුන්ගේ මතු ජීවිතයම අඳුරු කිරීමට මෙය හේතුවක් විය.

මගේ දුව මට අවශ්‍ය හැටියට හදා ගනිමි˜ යන චේතනාව දෙවිඳුන් දායාද කළ අධ්‍යාපනය හැදෑරීමට ඉඩනොදී සිටීමට කිසිම දෙමව්පියෙකුට දෙවිඳුන් අනුමැතිය දී නොමැත.

වරක් නබි මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමා වෙත පැමිණි සහාබා කාන්තාවන් මෙසේ පැවසූහ. ඔබතුමාගෙන් ආගමික දැනුම ලබා ගැනීමේදී කාන්තාවන්ට වඩා පිරිමින් ඉදිරියෙන් සිටිති. එහෙයින්, අපට උපදෙස් ලබාගැනීමට වෙනම දිනයක් වෙන් කර දෙනු මැනව යනුවෙන් පැවසූහ. එමනිසා, නබිතුමා කාන්තාවන්ට වෙනම දිනයක් වෙන්කර දුන්හ. 

ඉහත සඳහන් කරුණ ගැන අවධානය යොමු කළහොත් නබිතුමා කාන්තා අධ්‍යාපනය ගැන කොතරම් දුරට උනන්දුවූයේ යැයි මනාව පැහැදිලි වේ. ගැහැණු පිරිමි භේදයකින් තොරව සියලූ දෙනාටම අධ්‍යාපනය ලබා දීම සෑම දෙමව්පියකුගේම වගකීමකි. එසේ නොවුවහොත්, අප අල්ලාහ් ඉදිරියේ විශාල වරදකරුවන් ලෙස පෙනී සිටීමට සිදුවිය හැකි බව අප තරයේ මතක තබා ගත යුතුය.

—යමෙක් අධ්‍යාපනය සොයා ගමන් කරන්නේ නම්, ඔහුට අල්ලාහ් ස්වර්ග මාර්ගය පහසු කරවන්නේ ය.˜ (බුහාරි)


ඔබලාගෙන් විශ්වාසවන්තයින්ට හා ශිල්ප ඥානය ලැබු වන්ට අල්ලාහ් තත්ත්වය උසස් කර පිරිනමන්නේය

ඉන්ෂා අල්ලාහ්

Popular Posts

FACEBOOK COMMENTS BOX