එසේ සැක කිරීමට හේතුව වී ඇත්තේ එම යානයේ ප‍්‍රධාන ගුවන් නියමුවාගේ නිවසින් සොයාගත් මෘදුකාංගයකින් ඔහු අධ්‍යනය කළ ගුවන් පථ පහක් පිළිබඳ තොරතුරු හෙළිව තිබීමයි.
ඒ අතර මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපල, ශ‍්‍රී ලංකාවට සහ ඉන්දීයාවට අයත් ගුවන් පථ තුනක් ද තිබූ බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ.
මේ අතර අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ කටයුතු පුළුල් කිරීමෙන් අනතුරුව එම පරීක්ෂණ සඳහා මෙරට ගුවන් තලය ද භාවිත කිරීමට ලක් රජය අවසර ලබාදී තිබෙනවා.
අතුරුදන් යානයේ නියමුවා මෙරට ද ගුවන් ධාවන පථ අධ්‍යයන කළ බවට තොරතුරු.
පුද්ගලයන් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ නියමු අහමඞ් ෂා මෙරට ගුවන් ධාවන පථ ද අධ්‍යයනය කළ බවට තොරතුරු ලැබී ඇතැයි මැලේ ඬේලි පුවත්පත වාර්තා කර තිබෙනවා. ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයිනේ ගුවන් ධාවන පථ මෙන්ම ඇමරිකානු හමුදා රැදී සිටින දියේගෝ ගාර්ෂියා දිවයිනේ ගුවන් ධාවන පථවල තොරතුරු මොහුගේ පරිගණක දත්තවල තිබූ බව සඳහන්. නැති වූ ගුවන් යානය පිළිබඳ පරීක්ෂණ පවත්වන මැලේසියානු පොලීසිය නියමුවන්ගේ නිවෙස්වලට ගොස් අදාළ උපකරණ සිය භාරයට ගෙන තිබෙනවා. මේ අතර, චීනය අද ප‍්‍රකාශ කළේ ගුවන් යානය ත‍්‍රස්ත කි‍්‍රයාවකට හෝ පැහැර ගැනීමකට සම්බන්ධ නම් ඊට එහි ගමන් ගත් සිය පුරවැසියන් කිසිවෙකු සම්බන්ධ නොවන බවයි.