Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

18 February 2014

දිවි නසාගත් කුරුණෑගල සිසුවියගේ පාසලේ විදුහල්පති අත්අඩංගුවට.

කුරුණෑගල - සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න ජාතික ළමාරක්ෂක අධිකාරියේ පොලිස් ඒකකය විසින් ඊයේ (18) පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. එම අධිකාරියේ සභාපතිනී අනෝමා දිසානායක කියා සිටියේ පසුගියදා ෆේස් බුක් සමාජ වෙබ් අඩවියේ පළවූ ඡායාරූපයක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයා කළ ප‍්‍රශ්න කිරීමක් හේතුවෙන් සිසුවියක සිය දිවි හානි කර ගත් සිද්ධියට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බවයි. ඒ සඳහා ළමාරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් කණ්ඩායමක් කුරුණෑගලට ගොස් තිබුණා.

කුරුණෑගල - තෝරයාය ප‍්‍රදේශයේ පදිංචි වෙනුෂා නිමන්දි නැමැති 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම ශිෂ්‍යාව ගෙළ වැළලාගෙන සිය දිවි නසා ගත්තේ පසුගිය 5 වනදායි. ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ඡායාරූප කිහිපයක් පළවීමෙන් පසු ඊට අදාළව විදුහල්පතිවරයා විසින් තමන්ට සිදුකළ අවවාදයක් නිසා මෙලෙස සිය දිවි නසා ගන්නා බව ඇය ලියා තිබූ ලිපියක සටහන් වී තිබුණා. දැරියගේ මරණයෙන් පසු ඇගේ දෙමාපියන් සහ ජෝන් කොතලාවල විද්‍යාලයේ තවත් සිසු දරුවන් දෙදෙනෙකුගේ මව්පියන් කුරුණෑගල මාළිගාපිටිය ඉදිරිපිට උපවාසයක ද නිරත වුණේ විදුහල්පතිවරයාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලමින්. 

Update : Wednesday, 19 February 2014 - 7:48
-----------------------------------------------
දිවි නසාගත් කුරුණෑගල සිසුවියගේ පාසලේ විදුහල්පති අත්අඩංගුවට.

කුරුණෑගල - සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න ජාතික ළමාරක්ෂක අධිකාරියේ පොලිස් ඒකකය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. එම අධිකාරියේ සභාපතිනී අනෝමා දිසානායක කියා සිටියේ පසුගියදා ෆේස් බුක් සමාජ වෙබ් අඩවියේ පළවූ ඡුායාරූපයක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයා කළ ප‍්‍රශ්න කිරීමක් හේතුවෙන් සිසුවියක සිය දිවි හානි කර ගත් සිද්ධියට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බවයි. ඒ සඳහා ළමාරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද කුරුණෑගලට ගොස් තිබෙනවා.

ෆේස් බුක් නිසා මියගිය සිසුවිය ඉගෙනගත් පාසලේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට යයි

ෆේස් බුක් වෙබ් අඩවියේ පළවී තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන් බැන වැදීම නිසා සිසුවියක් සිය දිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇය ඉගෙනුම ලැබූ පාසල වන කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීම සදහා ජාතික ළමා රක්ෂණ අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 

මෙම විදුහල්පතිවරයා ඉතා පහත් අන්දමින් මෙම සිසුවියට බැණ වැදීම නිසා මෙම සිය දිවි නසාගැනීම සිදුව ඇති බවට මේ වන විට කළ පරීක්ෂණවලින්ද අනාවරණය වී ඇති අතර, ඒ අනුව ජාතික ළමාරක්ෂණ අධිකාරිය මෙම පරීක්ෂණය ආරම්භ  කර තිබෙනවා. 

ළමුන් කෲරත්වයට පත් කිරීම දණ්ඩනීති සංග‍්‍රහය අනුව වරදකි. 2006 වසරේ සංශෝධිත දණ්ඩනීති සංග‍්‍රය අනුවද මානසික හානි අපරාධ වරදකි. විදුහල්පතිවරයා පහත් වචනවලින් කතා කිරීම නිසා එම ළමයා කෲරත්වයට පත්ව ඇතැයිද සැලකේ. එම සිසුවිය ලියා තැබූ ලිපිය මරණාසන්න ප‍්‍රකාශයක් සේ සැලකිය හැකි බවත් ඒ අනුව පරීක්ෂණ පවත්වන බවත් ජාතික ළමාරක්ෂණ අධිකාරිය පවසනවා. මේ අනුව චෝදනා ඔප්පුවුවහොත් අදාල විදුහල්පතිවරයාට වසර දහයක සිර දඩුවම් නියමවීමේ හැකියාවක් පවතින බවද ජාතික ළමාරක්ෂණ අධිකාරිය පෙන්වාදෙනවා. 

මෙම විදුහල්පතිවරයාට විරුද්ධව මීට පෙරත් පැමිණිලි ලැබී ඇතැයි ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිනිය සදහන් කළාය. 

‘‘විදුහල්පති සම්බන්ධයෙන් මීට පෙරත් පැමිණිලි ලැබී තිබෙනවා. ඒත් එක්වර ඇගිලි ගැසීම හොද නැති නිසා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත පවරා තිබණා. ඒත් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිවක් කර නැහැ. දැන් ළමයෙක් මිය ගොස් තිබෙනවා. අපි තවත් බලා සිටියොත් මොනවායින් මොනවා වෙයිද දන්නෙ නැහැ’’ විදුහල්පතිවරයාට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය සදහන් කලාය.


பேஸ்புக் சம்பவம் - பாடசாலை அதிபர் கைது 
பேஸ்புக் சம்பவம் தொடர்பில் குருணாகல் பாடசாலை ஒன்றின் மாணவி தற்கொலை செய்து கொண்ட விடயம் தொடர்பில் அந்த பாடசாலை அதிபர் கைது செய்யப்பட்டுள்ளார்.

குருணாகல் சேர் ஜோன் கொத்தலாவல பாடசாலையின் அதிபரே இவ்வாறு கைது செய்யப்பட்டுள்ளார்.

சிறுவர் பாதுகாப்பு அதிகார சபையின் அதிகாரிகள் காவல்துறையினருடன் இணைந்து நேற்று அந்த பாடசாலையின் அதிபரை கைது செய்தனர்

சம்பவம் தொடர்பில் தொடர்ந்தும் விசாரணைகள் மேற்கொள்ளப்பட்டு வருகின்றன.

http://www.hirunews.lk/sinhala/77640

Popular Posts

FACEBOOK COMMENTS BOX