Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

18 February 2014

සිංහල රාවයේ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට.

ගව ඝාතනයට විරෝධය පළ කරමින් සිංහල රාවය සංවිධානය කොළඹ - කොටුව දුම්රිපළ ඉදිරිපිට ඊයේ (18) පස්වරුවේ ආරම්භ කළ මාරාන්තික උපවාසය මේ වන විටත් ක‍්‍රියාත්මකයි. පසුගිය 9 වැනිදා ගව ඝාතනයට විරෝධය පළ කරමින් දළදා මාළිගාව අභියසින් සිංහල රාවය සංවිධානය ආරම්භ කළ පා ගමන කොළඹ කොටුවට ළඟා වුණේ 16 වැනිදායි. එදින සිට ඔවුන් කොටුව දුම්රියපළ ඉදිරිපිට උපවාසයක් ක‍්‍රියාත්මක කළ අතර එම උපවාසයයි ඊයේ පස්වරුවේ මාරාන්තික උපවාසයක් බවට පත් කළේ. ඒ අනුව සිංහල රාවය සංවිධානයේ හිමිවරුන් තුන් නමක් එම මාරාන්තික උපවාසයට එක්ව සිටිනවා. උන්වහන්සේලා සඳහන් කරන්නේ ගව ඝාතනය වැළැක්වීම සඳහා පනතක් ගෙන එන බවට රජයෙන් ලිඛිත පොරොන්දුවක් ලබාදුනහොත් උපවාසය අත්හිටුවන බවයි. 

කෙසේ වෙතත් ඊයේ (18) උපවාසය ක‍්‍රියාත්මක වන අතරතුර උණුසුම් තත්ත්වයක් මතු වුණා. ඒ,  එම සංවිධානයේ ඉල්ලීම් පිළිබඳව සළකා බලන බවට ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු ලිපියක්  උපවාසයේ නිරත හිමිවරුන් ප‍්‍රතික්ෂේප කිරීමත් සමගයි. 

එම අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ නමක් උපවාසය පැවැත්වෙන ස්ථානයේ තිබූ පෙට‍්‍රල් කෑන් එකක් අතට ගැනීමට උත්සාහ කර ඇති අතර පොලීසිය එය වලක්වා එය තම භාරයට ගෙන තිබෙනවා. එහිදී සිංහල රාවය සංවිධානයේ හිමි නමක් පොලීසිය අත්අඩංගුවට ගත්තා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ සියදිවි හානි කරගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් ඉන් වළක්වා ගැනීම සඳහා උන්වහන්සේ මෙලෙස පොලිස් භාරයට ගත් බවයි. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම හිමි නම මේ මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා.

Update : Wednesday, 19 February 2014 - 7:46
-------------------------------------------
දිවි නසාගැනීමට තැත් කළ සිංහල රාවයේ හිමි නමක් අත්අඩංගුවට.

ගව ඝාතනයට විරෝධය පළ කරමින් සිංහල රාවය සංවිධානය කොළඹ - කොටුව දුම්රිපළ ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසයේදී අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් මතුවුණා. ඒ, එම සංවිධානයේ ඉල්ලීම් පිළිබඳව සළකා බලන බවට ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු ලිපියක්  උපවාසයේ නිරත හිමිවරුන් ප‍්‍රතික්ෂේප කිරීමත් සමගයි. අනතුරුව සිංහල රාවය සංවිධානයේ ස්වාමීන් වහන්සේලා තුන් නමක් මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

පසුගිය 9 වැනිදා ගව ඝාතනයට විරෝධය පළ කරමින් දළදා මාළිගාව අභියසින් සිංහල රාවය සංවිධානය ආරම්භ කළ පා ගමන කොළඹ කොටුවට ළඟා වුණේ පෙරේදා දිනයේදියි. එදින සිට ඔවුන් කොටුව දුම්රියපළ ඉදිරිපිට උපවාසයක් ක‍්‍රියාත්මක කරනවා. ගව ඝාතනය වැළැක්වීම සඳහා පනතක් ගෙන එන බවට රජයෙන් ලිඛිත පොරොන්දුවක් ලබාදුනහොත් උපවාසය අත්හිටුවන බව සිංහල රාවය සංවිධානය අද (18) දහවල් හිරු ප‍්‍රවෘත්ති අංශයට ප‍්‍රකාශ කළා.

ඒ අනුව සිංහල රාවය සංවිධානයේ ඉල්ලීම් පිළිබඳව සළකා බලන බව පවසමින් ජනාධිපති අතිරේක ලේකම්වරයෙකුගේ අත්සනින් යුත් ලිපියක් අද පස්වරුවේ පොලීසිය විසින් රැගෙන විත් උපවාසයේ නිරත හිමිවරුන්ට භාරදී තිබෙනවා. එම අවස්ථාවේදී සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් එම ලිපිය ප‍්‍රතික්ෂේප කළා.

එම අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ නමක් උපවාසය පැවැත්වෙන ස්ථානයේ තිබූ පෙට‍්‍රල් කෑන් එකක් අතට ගැනීමට උත්සාහ කර ඇති අතර පොලීසිය එය වලක්වා එය තම භාරයට ගෙන තිබෙනවා.

අදාළ තත්ත්වයත් සමග කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට  ඕල්කට් මාවතේ ගාලූ මුවදොර දෙසට වාහන ගමන් කරන මංතීරුව වසා දැමීමටද පොලීසිය පියවර ගත්තා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කියා සිටියේ තම සංවිධානයේ සාමාජික ස්වාමීන් වහන්සේ නමක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ පිළිබඳ හිරු ප‍්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ සියදිවි නසාගැනීමට උත්සාහ කළ නිසා එම හිමි නම අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර ගව ඝාතනය නතර කරන ලෙස ඉල්ලා සිංහල රාවය සංවිධානයේ ස්වාමීන් වහන්සේලා තුන් නමක් මේ වනවිට කොළඹ - කොටුව දුම්රියපළ ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. පූජ්‍ය වේරගොඩ සෝභිත,  පොළොන්නරුවේ සීලවිමල, මැඩිල්ලේ පඤ්ඤාලෝක යන ස්වාමීන් වහන්සේලා ඊට එක්ව සිටින බවයි සිංහල රාවය සංවිධානය ප‍්‍රකාශ කළේ.

Update : Tuesday, 18 February 2014 - 07:25
-------------------------------------------------
සිංහල රාවය උපවාසය නිසා කොටුව  ඕල්කට් මාවතේ කොටසක් වැසේ.

සිංහල රාවය සංවිධානයේ උපවාසය හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට  ඕල්කට් මාවතේ ගාලූ මුවදොර දෙසට වාහන ගමන් කරන මංතීරුව මේ වනවිට වසාදමා තිබෙනවා. ගව ඝාතනයට විරෝධය පළ කරමින් සිංහල රාවය සංවිධානය කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අද කි‍්‍රයාත්මක වන්නේ තුන්වන දිනටයි.  එහිදී එම සංවිධානය ගව ඝාතනය වැළැක්වීම සඳහා පනතක් ගෙන එන බවට ලිඛිත පොරොන්දුවක් රජයෙන් ඉල්ලා සිටියා. මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිපියක් රැුගෙන නිලධාරියෙකු එම ස්ථානයට පැමිණ ඇතත් එය පිළිගත නොහැකි බව සිංහල රාවය සංවිධානයේ උපවාසයේ නිරත සාමාජිකයන් ප‍්‍රකාශ කළ බව  එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළා. එම අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ නමක් උපවාසය පැවැත්වෙන ස්ථානයේ තිබූ පෙට‍්‍රල් කෑන් එකක් අතට ගැනීමට උත්සාහ කර ඇති අතර පොලීසිය එය වලක්වා එය තම භාරයට ගෙන තිබෙනවා. 

 Tuesday, 18 February 2014 - 05:00
----------------------------------------------------------
සිංහල රාවය ආණ්ඩුවෙන් ලිඛිත පොරොන්දුවක් ඉල්ලයි.

මෙරට ගව ඝාතනය වැළැක්වීම සඳහා පනතක් ගෙන එන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දිය යුතු බව සිංහල රාවය සංවිධානය පවසනවා. එහි සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ සඳහා බලධාරීන්ට අද (18) පස්වරුව දක්වා කාලය ලබාදී ඇති බවයි. එසේ නොවුණහොත් තම සංවිධානයේ කි‍්‍රයාමාර්ග දැඩි කරන බව ද උන්වහන්සේ අප කළ විමසීමකදී සදහන් කළා.

ගව ඝාතනයට විරෝධය පළ කරමින් සිංහල රාවය සංවිධානය කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අද කි‍්‍රයාත්මක වන්නේ තුන්වන දිනටයි. පසුගිය 9 වැනිදා මහනුවර දළදා මාලිගාව අභියසින් ආරම්භ කළ පාගමන පෙරේදා දිනයේ කොළඹ කොටුව ප‍්‍රදේශයට ළඟා වුණා.

ගව ඝාතනය තහනම් කළ යුතු බවට සිංහල රාවය සංවිධානය සිදුකරන ඉල්ලීම සම්බන්ධයෙන් අප පුරාවිද්‍යා චක‍්‍රවර්තී, පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගෙන් විමසීමක් කළා. උන්වහන්සේ කියා සිටියේ මෙම සංවිධානයේ ඉල්ලීම ප‍්‍රායෝගික එකක් නොවන බවයි.  

Update : Tuesday, 18 February 2014 - 12:37
---------------------------------------
සිය දිවි නසා ගන්නා බවට සිංහල රාවයෙන් ලිපියක්.  

ගව ඝාතනයට විරෝධය පළ කරමින් සිංහල රාවය සංවිධානය කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට ආරම්භ කළ උපවාසය තවදුරටත් කි‍්‍රයාත්මකයි. පසුගිය 9 වැනිදා මහනුවර දළදා මාලිගාව අභියසින් ආරම්භ කළ පාගමන පෙරේදා (16) දිනයේ කොළඹ කොටුව ප‍්‍රදේශයට ළඟා වුණා. පසුව පෙරේදා සිට සිංහල රාවයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් දුම්රියපොළ ඉදිරිපිට උපවාසයක නිරත වනවා. ඊයේ පස්වරුවේ උන්වහන්සේලා දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයට පැමිණ විරෝධතාවයක ද නිරත වුණා. ඒ, බලධාරීන් තම කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීමට විරෝධය පළ කරමින්. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත  භාර දෙන ලෙස එම ස්ථානයේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වෙත ලිපියක් ලබා දුන්නා. ඒ, තමන්ගේ ඉල්ලීම් අද (18) දිනය තුළ ඉටු නොවුණහොත් තවත් භික්ෂුවක් සිය දිවි නසා ගැනීමට සූදානම් බව දන්වමින්.


http://www.hirunews.lk/sinhala/77568

Popular Posts

FACEBOOK COMMENTS BOX