Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

03 March 2014

ෆේස්බුක් හරහා සිදුවන තවත් ජාවාරමක් හෙළිවෙයි.


ෆේස්බුක් හෙවත් සමාජ ජාල වෙබ් අඩවිය මේ වන විට අපරාධ ඇති කරන ප‍්‍රධානතම මෙවලම බවට පත්වී ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ ෆේස්බුක් හරහා කරගෙන යනු ලබන තවත් ජාවාරමක් පිළිබද තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති බවයි. පසුගිය දා නුගේගොඩ ප‍්‍රදේශයේ දී ඝාතනය කර තිබියදී හමුවූ ව්‍යාපාරිකයාගේ මරණයට හේතුව ද ෆේස්බුක් බවට තොරතුරු අනාවරණය වී  ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ. නුගේගොඩ සුභද්‍රාරාම පාරේ තෙමහල් නිවසකදී පසුගිය 18 වැනිදා රාත‍්‍රී කාලයේදී කිසියම් ආයුධයකින් පහරදීමක් නිසා මෙම ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව තිබුණා.  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ ෆේස් බුක් හරහා පුද්ගලයන් රවටා පසුව ඔවුන් කොල්ලකෑමේ ජාවාරමක නිරතවන බවට තොරතුරු හෙළිවී ඇති බවයි.

Popular Posts

FACEBOOK COMMENTS BOX