Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

03 March 2014

ආණ්ඩුවේ හැම රහසක්ම ෆේස්බුක් එකේ තියන බව විපක්ෂනායකවරයා පවසනවා


ආණ්ඩුවේ හැම රහසක්ම ෆේස්බුක් එකේ තියන බව විපක්ෂනායකවරයා පවසනවා.

එබැවින් රජය විසින් ෆේස්බුක් තහනම් කළොත් ලංකාවේ පමණක් නොව විදෙස් රටවලටත් උද්ඝෝෂණය කරන බවයි ඔහු පවසන්නේ.

"අද තරුණයින් ගනනාවක් කම්පියුටර් දැනගෙන ෆේස්බුක් පාවිච්චි කරනවා. ෆේස්බුක් එකේ හැම දෙයක්ම තියනවා. කිසිම රහසක් නෑ ෆේස්බුක් එකේ. ආණ්ඩුව කරන හැම රහසක්ම ෆේස්බුක් එකේ තියනවා. ඒ නිසා ෆේස්බුක් ආරක්ෂා කරන්න ඕනේ මේ දූෂණය හෙළි කරන්න.


දැන් ආණ්ඩුව හදන්නේ දූෂණය වහගන්න මේ ෆේස්බුක් තහනම් කරන්න. අපි ෆේස් බුක් එක නවත්තන්න ඉඩ දෙන්නේ නෑ කියලා මම කියන්න කැමතියි. ෆේස්බුක් වලට අත ගැහුවොත් ඒකට විරුද්ධව විශාල උද්ඝෝෂණයක් ලංකාවෙත්, ලංකාවේ පිටතත් මේ රාජපක්ෂ රෙජිමයට විරුද්ධව අපි කරනවා.

එම වීඩියෝව පහතින්.
http://www.youtube.com/watch?feature=player_embedded&v=JMjWPkKNxjc

Popular Posts

FACEBOOK COMMENTS BOX