Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

31 March 2014

රත‍්‍රං ගණන් බැහැලා.





ලෝක ආර්ථිකය ප‍්‍රකෘතිමත්වීම සහ යුක්රේන අර්බුදය සමනය වීම හේතුවෙන් සුරක්ෂිත ආයෝජනයක් ලෙස පැවති රන් මිලෙහි පහත වැටීමක් දැන් දක්නට ලබෙනවා. අද (28) දිනයේදී ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඩොලර් 1295 ක් ලෙස සටහන් වුණා. එය පසුගිය පෙබරවාරි 11 වැනිදායින් පසු වාර්තා වූ පහළම අගයයි. ලෝක ආර්ථික අවගමනය සහ යුක්රේන අර්බුදය හේතුවෙන් මේ වසරේ මුල් මාස දෙක තුළ රන් මිල ඉහළ යාමක් දක්නට ලැබුණා.







මේ වසරේ දී ද ලෝක වෙළදපොළේ රන් මිල පහළ මට්ටමක පවතිනු ඇතැයි රන් වෙළදපොළ විශ්ලේෂකයන් පවසනවා. ඒ අනුව රන් අවුන්සයක මිලෙහි සාමාන්‍යය ඇමරිකානු ඩොලර් 1332ක් පමණ වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පසුගිය වසරේ රන් අවුන්සයක සාමාන්‍යය ඩොලර් 1409ක් වූ අතර මේ වසරේ දී එය සියයට 5.4කින් පමණ පහත වැටෙනු ඇති. රන් මිල වසර 12ක් අඛණ්ඩව වර්ධනය වූ අතර 2011 වසරේ සැප්තැම්බරයේ දී රන් අවුන්සියක මිල ඩොලර් 1923 දක්වා ඉහළ ගියා. එහෙත් පසුගිය වසරේ දී රන් මිල සියයට 28කින් පහත වැටුණු අතර මේ වසරේ දී යම් ප‍්‍රකෘතිමත්වීමක් දක්නට ලැබුණා.

Popular Posts

FACEBOOK COMMENTS BOX