Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

03 March 2014

මුස්ලිම් කොංග‍්‍රසය ගැන තවත් හෙළිදරව්වක්.


ජිනිවා මානව හිමිකම් මණ්ඩල සැසි වාරයට පෙර ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ‍්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේ දී ඇය වෙත වාර්තා ඉදිරිපත් කළ පුද්ගලයන් පිළිබද දැන් තොරතුරු හෙළිවෙමින් පවතිනවා. ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, මොහොමඞ් මුසම්මිල් කොළඹ අද (03) පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ මුස්ලිම් කොංග‍්‍රසය මානව හිමිකම් කොමසාරිස්වරියට පමණක් නොව අරාබිකරයේ මිතුරු රටවලට ද ශ‍්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක් ලබාදී ඇති බවයි. මේ වන විට රවුෆ් හකීම් අමාත්‍යවරයා නවිනීදන් පිල්ලේට ලබාදුන් වාර්තාවට වඩා ලංකාව  පිළිබද බරපතල වාර්තාවක් කුවේට් රාජ්‍යයට සහ සෞදි අරාබියට ලබාදී ඇති බවයි මොහොමඞ් මුසම්මිල් සදහන් කළේ.

ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ යාපනයේ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. ඊට දෙමළ ජාතික සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා ඇතුළු එම සන්ධානයේ සාමාජිකයින් පිරිසක් එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මවෙයි සේනාධිරාජා කියා සිටියේ ජිනිවා මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවට තවත් රටවල සහාය ලබා ගැනීමට තමන් උත්සාහ කරන බවයි. 

Popular Posts

FACEBOOK COMMENTS BOX