මගීන් 239 දෙනෙකු රැගත් මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 370 යානය ඉන්දියන් සාගරයේ දකුණුදිග ප‍්‍රදේශයේදී සිය ගමන කෙළවර වී ඇති බව මලයාසියානු අග‍්‍රාමාත්‍යවරයා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. නවතම චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මේ බව තහවුරු වන බවයි ඔහු කියා සිටියේ. මේ අතර මලයාසියානු ගුවන් සමාගම ද යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් වෙත කෙටි පණිවුඩයක් නිකුත් කර තිබුණා. එහි දැක්වුණේ ගුවන් යානය අතුරුදන් වී ඇති බවයි. ඒ අනුව කිසිවෙකුත් ජීවිත බේරාගෙන නොමැති බව එම පණිවුඩයෙන් දන්වා තිබුණා. පසුගිය 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරින් ගුවන්ගත වුණු මෙම යානයේ ගමනාන්තය වී තිබුණේ චීනයේ බීජිං නුවරයි. යානය ගුවන් ගත කර පැය කිහිපයකට පසු පාලක මැදිරිය සමග පැවැති සබඳතා ඇණ හිටුණා. ඉන් අනතුරුව යානය සොයා පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ සඳහා රටවල් 25ක සහාය ලබා ගැනීමට ද මලයාසියානු බලධාරීන් පියවර ගත්තා. වියට්නාමයට ඉහළින් දකුණු චීන මුහුදේ දී යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහුණු අතර පසුව එය යළි ක්වාලාලාම්පූර් නුවර දෙසට හරහා ඇති බවට එහි අවසන් වරට සටහන් වී තිබුණා. ඒ අනුවයි යානය සෙවීමේ කටයුතු ඉන්දීය සාගරයේ දකුණු ප‍්‍රදේශය දක්වා පුළුල් කෙරුණේ. මේ අනුව යානයේ සුන්බුන් බවට සැක කෙරෙන කොටස් කිහිපයක් ද චන්ද්‍රිකා ඡායාරූප මගින් ඉන්දීය සාගරයේ දකුණු ප‍්‍රදේශයේ තිබී නිරීක්ෂණය කෙරුණා. එම කරුණු පදනම් කරගෙනයි මලයාසියානු අග‍්‍රාමාත්‍යවරයා අතුරුදන් වූ යානය පිළිබදව සිය නිළ ප‍්‍රකාශය නිකුත් කරනු ලැබුවේ.
24 March 2014
අතුරුදන් වූ යානයේ ගමන ඉන්දීය සාගරයේ දකුණු ප‍්‍රදේශයෙන් කෙළවර වෙයි.

Popular Posts
-
“சுதந்திரமாகப் பிறந்த மனிதன் சுதந்திரமாகவே வாழ வேண்டும்” எனும் கருத்தினை மனித சுதந்திரத்தைப் பற்றிக் கருத்து வெளியிட்ட தத்துவஞானியான ‘ஜீன்...
-
தொழுகையின் ஷர்த்துக்கள் என்ன? தொழுகையின் நிபந்தனைகள் 10 அவையாவன: 1. முஸ்லிமாக இருத்தல். 2. தம்யீஸ் எனப்படும் அறிவைப் பெறுதல். 3. ஜனாபத் ...
-
நாளைய தலைவர் நீங்கள் சிறந்த தலைவரின் செயற்பாடு... ஒரு குழுவின் தலைவர் அர்ப்பணிப்பு, முன்மாதிரிகை, விசுவாசம், நேர்மை, மனிதத்துவம...
-
பாங்கு (அதான்) என்றால் என்ன? தொழுகை நேரங்கள் வந்ததும் மக்களை தொழுகைக்காக அழைக்கும் அழைப்பை, அரபு மொழியில் ‘அதான்’ என்றும் பாரசீக மொழிய...
-
அகிலங்களைப்படைத்து வளர்த்து இரட்சிக்கின்ற அல்லாஹ்வுக்கே புகழனைத்தும்! அவன்தான் ஒவ்வொன்றுக்கும் ஒரு நிர்ணயத்தை ஏற்படுத்தி அதற்கு வழிகாட்டினா...
-
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 1 මාසිකව අසීමිතව උපයන්න..අලුත් මගක්.. led bulbs sri lanka අන්තර්ජාලය තුලින් මාසිකව අසීමිතව උ...
-
மனிதன் உலகில் பிறந்தவுடன் அவனுக்கு மரணம் நிச்சயம் என்பது இறைவனால் வகுக்கப்பட்ட நியதி. ஜனாஸா என்றவுடனேயே நம் அனைவருக்கும் மனசுக்குள் ஒரு பதட்...
-
மஸ்ஜித்கள் பூமியில் அமைந்துள்ள அல்லாஹ்வின் இல்லங்களாகும் . அவனது அருளும் அமைதியும் இறங்கும் இடங்கள் அவை . மலக்குகள் தரிசனம் கொடு...
-
இவ்வுலகில் வாழக்கூடிய அனைத்து மனிதர்களும் பாகுபாடின்றி மரணத்தை சுவைத்தே தீர வேண்டும். ஒவ்வொரு ஆத்மாவும் மரணத்தை சுவைத்தே தீரவேணடும். (3...
-
பிறப்பு முதல் நபித்துவம் வரை நபி முஹம்மத் (ஸல்) அவர்கள், நபி இப்றாஹீம் (அலை) அவர்களின் பரம்பரையில் பிறந்தவர்களாவர். இது பற்றி நபியவர்களே...