24 March 2014
ලෝකයක් සෙවූ යානය සැගවී තිබුනේ ඉන්දියන් සාගර පතුලේ
ලොවක් එකතුවී සෙවූ මැලේසියානු ගුවන්යානයේ සෙවීම් කටයුතු දැන් අවසන් වී තිබෙනවා. ඒ එය ඉන්දියන් සාගර පතුලේ තිබෙන බවට එරට අග‍්‍රාමාත්‍යවරයා නිවේදනය කිරීමත් සමගයි. ඒත් සමගම මෙතෙක් කල් ගුවන් යානය සම්භන්ධයෙන් පැතිරගිය විවිධ කටකතා හා මිත්‍යා මතද මෙතකින් කෙළවර වෙනවා.
මගීන් 239 දෙනෙකු රැගත් මලයාසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය අතුරුදහන් වූයේ පසුගිය 8 වනදාය. එය දැන් ඉන්දියන් සාගරයේ දකුණුදිග ප‍්‍රදේශයේ තිබෙන බවට නවතම චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන් තහවුරු වූ බව මලයාසියානු අග‍්‍රාමාත්‍යවරයා සදහන් කරනවා. මේ අතර මලයාසියානු ගුවන් සමාගම ද යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් වෙත කෙටි පණිවුඩයක් නිකුත් කර තිබුණා. මේ එම කෙටි පණිවුඩයයි.
එහි දැක්වුණේ ගුවන් යානය අතුරුදන් වී ඇති බවත්, ඒ අනුව කිසිවෙකුත් ජීවිත බේරාගෙන නොමැති බව එම පණිවුඩයෙන් දන්වා තිබුණා. පසුගිය 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරින් ගුවන්ගත වුණු මෙම යානයේ ගමනාන්තය වී තිබුණේ චීනයේ බීජිං නුවරයි. යානය ගුවන් ගත කර පැය කිහිපයකට පසු පාලක මැදිරිය සමග පැවැති සබඳතා ඇණ හිටුණා. ඉන් අනතුරුව යානය සොයා පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ සඳහා රටවල් 25ක සහාය ලබා ගැනීමට ද මලයාසියානු බලධාරීන් පියවර ගත්තා. වියට්නාමයට ඉහළින් දකුණු චීන මුහුදේ දී යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහුණු අතර පසුව එය යළි ක්වාලාලාම්පූර් නුවර දෙසට හරහා ඇති බවට එහි අවසන් වරට සටහන් වී තිබුණා.
මැලේසියානු ගුවන් යානය අතුරුදන් වීම බොහෝ දෙනාට ආදායම් මාර්ගයක්ද ඇති කරනු ලැබූවා. එයින් වැඩිමනක් පිරිස වූයේ ඇතැම් ජ්‍යොතිෂ්‍යවේදීන්ය. විවිධ අය විවිධ දේ මේ පිළිබදව ප‍්‍රකාශ කලා. ජ්‍යොතිෂ්‍යවේදියෙකු වන චන්ද්‍රසිරි බණ්ඩාර ප‍්‍රකාශ කලේ මෙය පැහැරගැනීමක් බවත් එය දින 14 ක් ඇතුලත අනාවරණය වන බවත්ය.
"මම නම් දකින්නේ මේක සිද්ධවෙන්නේ සෙනසුරු වායු රාශියක්වූ තුලාවේ මේ ගමන් කරන කාලෙදී අවසාන අංශකයට එනවා. ඒ කියන්නෙ අංශක 29 ට එනවා. මේ වායු රාශියක්වූ තුලාව තුළ ගමන් කරන වකවානුවෙදි මේක පැහැදිලිවම ගුවන් අනතුරක් නෙවී. මේක පැහැදිලිවම ප‍්‍රධාන නියමුවෙකුගේ පූර්ණ සහය ඇතිව ඉතාම සූක්ෂ්මව සිදු කළ පැහැරගැනීමක්. මේ ගුවන් පැහැරගැනීමත් ඔබට නිවැරදිව එළිදරව් කරගන්නට අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්."
Popular Posts
-
“சுதந்திரமாகப் பிறந்த மனிதன் சுதந்திரமாகவே வாழ வேண்டும்” எனும் கருத்தினை மனித சுதந்திரத்தைப் பற்றிக் கருத்து வெளியிட்ட தத்துவஞானியான ‘ஜீன்...
-
தொழுகையின் ஷர்த்துக்கள் என்ன? தொழுகையின் நிபந்தனைகள் 10 அவையாவன: 1. முஸ்லிமாக இருத்தல். 2. தம்யீஸ் எனப்படும் அறிவைப் பெறுதல். 3. ஜனாபத் ...
-
நாளைய தலைவர் நீங்கள் சிறந்த தலைவரின் செயற்பாடு... ஒரு குழுவின் தலைவர் அர்ப்பணிப்பு, முன்மாதிரிகை, விசுவாசம், நேர்மை, மனிதத்துவம...
-
பாங்கு (அதான்) என்றால் என்ன? தொழுகை நேரங்கள் வந்ததும் மக்களை தொழுகைக்காக அழைக்கும் அழைப்பை, அரபு மொழியில் ‘அதான்’ என்றும் பாரசீக மொழிய...
-
அகிலங்களைப்படைத்து வளர்த்து இரட்சிக்கின்ற அல்லாஹ்வுக்கே புகழனைத்தும்! அவன்தான் ஒவ்வொன்றுக்கும் ஒரு நிர்ணயத்தை ஏற்படுத்தி அதற்கு வழிகாட்டினா...
-
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 1 මාසිකව අසීමිතව උපයන්න..අලුත් මගක්.. led bulbs sri lanka අන්තර්ජාලය තුලින් මාසිකව අසීමිතව උ...
-
மனிதன் உலகில் பிறந்தவுடன் அவனுக்கு மரணம் நிச்சயம் என்பது இறைவனால் வகுக்கப்பட்ட நியதி. ஜனாஸா என்றவுடனேயே நம் அனைவருக்கும் மனசுக்குள் ஒரு பதட்...
-
மஸ்ஜித்கள் பூமியில் அமைந்துள்ள அல்லாஹ்வின் இல்லங்களாகும் . அவனது அருளும் அமைதியும் இறங்கும் இடங்கள் அவை . மலக்குகள் தரிசனம் கொடு...
-
இவ்வுலகில் வாழக்கூடிய அனைத்து மனிதர்களும் பாகுபாடின்றி மரணத்தை சுவைத்தே தீர வேண்டும். ஒவ்வொரு ஆத்மாவும் மரணத்தை சுவைத்தே தீரவேணடும். (3...
-
பிறப்பு முதல் நபித்துவம் வரை நபி முஹம்மத் (ஸல்) அவர்கள், நபி இப்றாஹீம் (அலை) அவர்களின் பரம்பரையில் பிறந்தவர்களாவர். இது பற்றி நபியவர்களே...